ආයුබෝවන්

ජාතික පිළිකා ආයතනය වන අප පිළිකා රෝගීන්ගේ රෝග නිර්ණයට සහ පසු විපරම් ප්‍රතිකාර සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ප්‍රමුඛතම රෝහල වේ. අප විසින් සියලුම වර්ග වල පිළිකා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය රෝග විනිශ්චය පහසුකම් මෙන්ම, ශල්‍යාගාර ප්‍රතිකාර සහ විකිරණ විශේෂිත සේවාවන් සපයනු ලබයි. අප සමග විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක්, අනෙක් සාමාන්‍ය වෛද්‍යවරු, හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය භෞතික විද්‍යාඥයන්, රසායනාගාර කාර්මික ශිල්පීන් හා සුළු සේවකයන් සහිත කාර්‍ය මණ්ඩලයක් සිටින අතර ඔවුන් සමඟ එක්ව සියලුම රෝහල් සේවා කළමනාකරණය කරයි. ප්‍රතිකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුට අපගේ සේවාවන් සදහා නොමිලේ ප්‍රවේශ විය හැකිය. අප විසින් රෝගීන්ට මෙම ගුණාත්මක සෞඛ්‍ය සේවා ලබාදීමට අමතරව, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ (PGIM) ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වෛද්‍ය උපාධි අපේක්ෂකයින් හා පශ්චාත් වෛද්‍ය උපාධි අපේක්ෂකයින් සදහාද පුහුණු වීමේ පහසුකම් සලසා දෙයි.

හදිසි ඇමතුම් : 011-2850253

  • ජාතික රෝහල: 011-2691111
  • ගිලන්රථ: 011-2437744
  • ලේ බැංකුව: 011-2369931
  • ගිනි නිවන රථ: 011-2422222

අපගේ වෙදැදුරන්

අපගේ සේවාවන්

වීඩියෝ එකතුව

නවතම තොරතුරු

X